පොහෝ දින වැදගත්කම



දුරුතු පසලොස්වක පොහොය

බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාෂ්‍යප, නදී කාෂ්‍යප හා ගයා කාෂ්‍යප යන තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් දෙනා දමනය කොට බුදු සසුනට ගත්තේ දුරුතු පුන් පොහෝ දිනකය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට ලක්දිවට වැඩම කලේ දුරුතු පුන් පොහෝ දිනකය.

ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරූඪ කරන ලද්දේත් දුරුතු පුන් පොහෝ දිනකය.


නවම් පසලොස්වක පොහොය

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු වලට පත් කර ඇත්තේ නවම් පුන් පොහෝ දිනක ය.

බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම නවම් පුන් පොහෝ දිනකදී සිදුවිය. 

බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අත් හැරියේ ද නවම් පුන් පොහෝ දිනකදීය.

ප්‍රථම වරට ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් සංඝයා වහන්සේලාගේ එකතු වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනකය.


මැදින් පසලොස්වක පොහොය

බුදුරදුන් බුද්ධත්ව‍යෙන් පසු විසි දහසක් ආර්ය  මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝධන රජතුමා හා සිය ඥාතීන්ව බැලීමට හා අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමන් ආරම්භ කලේ මැදින් පුන් පොහෝ දිනකදීය.

රහල් කුමරු පැවිදි වීම මැදින් පුන් පොහෝ දිනකදී සිදු විය.

නන්ද කුමරු පැවිදි කිරීම මැදින් පුන් පොහෝ දිනකදී සිදු කරන ලදී.


බක් පසලොස්වක පොහොය‍

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ බක් පුන් පොහෝ දිනකදී බව සඳහන් වේ.

එහිදී බුදුරදුන් ලක්දිව නාගදීපය ප්‍රදේශයට වැඩමකොට මැණික් පුටුවකට මිණි පළගකට චුල්ලෝධර - මහෝදර නා රජුන් දෙදෙනාට අතර ඇතිවූ ගැටුම සමතයකට පත් කර ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම බක් පුන් පොහෝ දිනකදී සිදුවී ඇත.

සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම බක් පුන් පොහෝ දිනකදී සිදුවී ඇත.


වෙසක් පසලොස්වක පොහොය‍

සිදුහත් කුමරුගේ ඉපදීම, සිදුහත් තාපසයාගේ බුදුවීම, සහ බුදුරජානන් වහන්සේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කාරණා රැසක් වෙසක් පුර පසලොස්වක පොහොය‍ දිනදී සිදුවී ඇත.

ගෞතම බුදුරදුන් හට දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබිම වෙසක් පුර පසලොස්වක පොහොය‍ දිනකදී සිදුවී ඇත.

බුදුරජානන් වහන්සේ බුදුවීමෙන් අනතුරුව ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම වෙසක් පොහොය දිනකදී සිදු කර ඇත.

බුදුරජානන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ආරාධනයෙන් කැලණියට වැඩීම, එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ආරාධනයෙන් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටු වීම හා තෙවන වරටත් ලක්දිවට පැමිණිම වෙසක් පසලොස්වක පොහොය‍ දිනකදී සිදුව ඇත.

"නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත  පද කිසාගෝතමී දේවිය විසින් පදසා ඇත්තේ ද වෙසක් පසලොස්වක පොහොය‍ දිනකදීය.

විජය කුමරු ලංකාවට පැමිනීමද වෙසක් පුර පසලොස්වක පොහොය‍ දිනකදී සිදුව ඇති බව සඳහන් වේ.

අනුරාධපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීම සඳහා වැඩ ඇරඹීම වෙසක් පසලොස්වක පොහොය‍ දිනකදී සිදුව ඇත.

ආනන්ද හිමියන් පිරිනිවන් පෑම වෙසක් පුර පසලොස්වක පොහොය‍ දිනකදී සිදුව ඇත.

මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම වෙසක් පුර පසලොස්වක පොහොය‍ දිනකදී සිදුව ඇත.

පොසොන් පසලොස්වක පොහොය‍

අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස බුදු දහම ලංකා දීපයේ පැතිරවීමේ අභිලාෂයෙන් අනුරපුර මිස්සක පව්වට වැඩමකර කරේ පොසොන් පුර පසලොස්වක පොහොය‍කදීය.

බුදු රජානන්වහන්සේ බුදු වී සිව්වන සතියේ බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම පොසොන් පුර පසලොස්වක පොහොය‍කදී සිදුව ඇත.

ලක්දිව දී ප්‍රථම වරට මහණ උපසම්පදාව භණ්ඩුක උපාසකයා උපසම්පදාව සිදු කිරීම පොසොන් පසලොස්වක පොහොය‍කදී සිදු කර ඇත.

දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ල හත්ථිපදෝපම  සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේ පොසොන් පසලොස්වක පොහොය‍ දිනකදීය.


ඇසල පසලොස්වක පොහොය‍

සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම හා අභිනිෂ්ක්‍රමණය කිරීම ඇසල පුර පසලොස්වක පොහොය දිනකදී සිදුව ඇත.

රාහුල කුමරුගේ උපත සිදුව ඇත්තේද ඇසල පසලොස්වක පොහොය දිනකදීය.

බුදුරජානන්බ වහන්රසේ බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සිදු කලේද ඇසල පසලොස්වක පොහොය දිනකදීය.

මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන් දෙව් ලොවට වැඩමවා ගැඹුරු අභිධර්මය දේශනා කිරීම සිදු කර ඇත්තේද ඇසල පසලොස්වක පොහොය දිනකදීය.

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට සඳහා රජගහ නුවරට වැඩමකර වස් එලැඹ වැඩ කටයුතු ඇරඹීමද ඇසල පුර පසලොස්වක පොහොය දිනකදී සිදු කර ඇත.

බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් ඉදි කිරීම සඳහා මගුල් ගල තැබීම ඇසල පුර පසලොස්වක පොහොය දිනකදී සිදු කර ඇත.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භයද ඇසල පුර පසලොස්වක පොහොය දිනකදී සිදු කර  ඇත.


නිකිණි පසලොස්වක පොහොය‍

ආනන්ද හිමියන් රහත් බවට පත්ව ඇත්තේද නිකිණී පුර පසලොස්වක පොහොය දිනකදීය.

වස් එළඹීම ඇරඹීම නිකිණී පසලොස්වක පොහොය දිනෙන් පසු සිදු කරයි.

අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රතම ධර්ම සංගායනාව සිදු කරීම නිකිණී පසලොස්වක පොහොය දිනකදී සිදු කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන්වහන්සේ නිදන් කොට සේරුවිල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම නිකිණී පුර පසලොස්වක පොහොය දිනකදී සිදු කර ඇත.


බිනර පසලොස්වක පොහොය‍

භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.

සේරුවිල වාර්ෂික පිංකම් පැවැත්වීම බිනර පුන්පොහෝ දින සිදු කරයි.


වප් පසලොස්වක පොහොය‍

බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් සිට දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේද වප් පසලොස්වක පොහෝ දිනකය.

සාරිපුත්ත නොහොත් සැරියුත් මහ රහතන් වහන්සේ හට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීමද සිදු වූයේ වප් පොහොය දිනකදීය.

මතු බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම සිදු වූයේ වප් පොහොය දිනකදීය.

ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව ධර්මාශෝක රජු හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පොහොය දිනකදීය.

මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේදී විනය පිටකය සංඝායනා කිරීම සිදු වූයේද වප් පොහොය දිනකදීය.

ස්වාමීන් වහන්සේලාගේ වස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි. 


ඉල් පසලොස්වක පොහොය‍

මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම ඉල් පුර පසලොස්වක පොහොය දිනකදී සිදු විය.

ප්‍රථම ධර්මදූත පිරිස ධර්ම ප්‍රචාරය සඳහා ගමන් ආරම්භ කිරීම ඉල් පසලොස්වක පොහොය දිනකදී සිදුව ඇත.

බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම සිදුව ඇත්තේ ඉල් පුර පසලොස්වක පොහොය දිනකදීය.

චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨින පූජා කර්මය කළහැකි අවසන් දිනය ඉල් පුර පසලොස්වක පොහොය දිනයයි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍රසාවක සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම ඉල් පසලොස්වක පොහොය දිනකදී සිදුව ඇත.

ථූපාරාම චෛත්‍යය ඉදිකිරීමද ඉල් පුර පසලොස්වක පොහොය දිනකදී සිදු කර ඇති බව සඳහන්  වේ.


උඳුවප් පසලොස්වක පොහොය‍

සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම සිදුව ඇත්තේ උඳුවප් පසලොස්වක පොහොය දිනකදීය.

බුදුරජාණන් වහන්සේගේ අග්‍රසාවක මුගලන් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම උඳුවප් පසලොස්වක පොහොය දිනකදී සිදුව ඇත.

සිරිපා වන්දනාව ආරම්භ කරන්නේ උඳුවප් පසලොස්වක පොහොය දිනදීය.