පිරිත් පේ කිරීම



1. සරණාගමනය (තිසරණයට පැමිණීම)

 

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

 භාග්‍යවත් වූ අරහත් වූ සම්ම්‍යක් සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

භාග්‍යවත් වූ අරහත් වූ සම්ම්‍යක් සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

භාග්‍යවත් වූ අරහත් වූ සම්ම්‍යක් සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

 

බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි

 පළමුව මම බුදුන් සරණ යමි

පළමුව මම දහම් සරණ යමි

පළමුව මම සඟුන් සරණ යමි

 

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

 දෙවනුවද මම බුදුන් සරණ යමි

දෙවනුවද මම දහම් සරණ යමි

දෙවනුවද මම සඟුන් සරණ යමි

 

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

 තෙවනුවද මම බුදුන් සරණ යමි

තෙවනුවද මම දහම් සරණ යමි

තෙවනුවද මම සඟුන් සරණ යමි

  

 

2. බුද්ධානුස්සති

 

ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථී සත්ථාදේවමනුස්සානං බුද්ධෝභගවාති.


 මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝක විදු වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. සත්ථාදේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වනව සේක.

 

3. ධම්මානුස්සති

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේහිතබ්බෝ විඤ්ඤූහී ති.

 භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දේ ය. මේ ජීවිතයේදීම අවබෝධ කල හැකි බැවින් සද්ධර්මය සන්දිට්ඨික වන්නේය. හැම කාලයකදීම අවබෝධ කල හැකි නිසා අකාලික වන්නේය. එන්න බලන්න යැයි කිව හැකි බැවින් ඒහිපස්සික වන්නේය. තමා තුලට පමුණුවා ගත යුතු බැවින් ඕපනයික වන්නේය. බුද්ධිමත් මිනිසුන් විසින් තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන්නේය.

 

4. සංඝානුස්සති

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ, ආහුණෙය්‍යෝ, පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා'ති.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ග ඵල යුගල වශයෙන් හතරක්ද වන අතර, මාර්ග ඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වන සේක. ආහුණෙය්‍ය වන සේක. පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් වන සේක.

 

 

5. සත්බුදු වන්දනාව

විපස්සිස්ස නමත්ථු - චක්ඛුමන්තස්ස සිරීමතෝ

සිඛිස්ස'පි නමත්ථු - සබ්බභූතානුකම්පිනෝ

 සදහම් ඇස් ඇති - සොඳුරු සිරිය ඇති

විපස්සී බුදුරජාණන් හට - නමස්කාර වේවා

සියළු සතුන් හට - අනුකම්පා ඇති

සිඛී බුදුරජාණන් හට - නමස්කාර වේවා

 

වෙස්සභුස්ස නමත්ථු - නාහාතක තපස්සිනෝ

නමත්ථු කකුසන්ණස්ස - මාරසේනාපමද්දිනෝ

 සියළු කෙලෙස් නැති - වෙර වීරිය ඇති

වෙස්සභූ බුදුරජාණන් හට - නමස්කාර වේවා

දස මර සේනා - ඔද තෙද බිද හල

කකුසඳ බුදුරජාණන් හට - නමස්කාර වේවා

 

කෝණාගමනස්ස නමත්ථු - බ්‍රාහ්මණස්ස වූසීමතෝ

කස්සපස්ස නමත්ථු - විප්පමුත්තස්ස සබ්බධී

 කෙලෙස් බැහැර කළ - බඹසර නිම කළ

කෝණාගමන බුදුරජාණන් හට - නමස්කාර වේවා

හැම කෙලෙසුන්ගෙන් - හොඳින් මිදී ගිය

කස්සප බුදුරජාණන් හට - නමස්කාර වේවා

 

අංගීරසස්ස - නමත්ථු - සක්‍යපුත්තස්ස සිරීමතෝ

යෝ ඉමං ධම්මමදේසේසී - සබ්බදුක්ඛාපනූදනං

 ලොවේ සියළු දුක් - මැනවින් දුරු වන

සේ සිරි සඳහම් පවසා වදහළ - යම් කෙනෙකුන් වෙද

සොඳුරු සිරිය ඇති -ශාක්‍ය පුත්‍ර වූ

අංගීරස වූ අප ගේ ගෞතම බදු සමිඳුන් හට නමස්කාර වේවා


යේ චාපි නිබ්බුතා ලෝකේ - යථාභූතං විපස්සිිසුං

තේ ජනා අපිසුණා - මහන්තා වීතසාරදා

 ඒ බුදුවරු ලොව - නිවනට වැඩි සේක මය

හැට දේ ගැන සැබෑ තත්වය - විදසුන් කල සේක මය

ඒ නිරෝත්තමයන් වහන්සේලා පිසුණු බස් නො පවසත් මය

මහානුභාව සම්පන්නම ය - සසර බිය නැති සේක මය

 

හිතං දේව මනුස්සානං - යං නමස්සන්ති ගෝතමං

විජ්ජාචරණසම්පන්නං - මහන්තං වීතසාරදං

විජ්ජාචරණසම්පන්නං - බුද්ධං වන්දාම ගෝතමං

 දෙවි මිනිසුන් හට - හිත සුව සලසන

ගෞතම නම් වූ - විජ්ජාචරණ සම්පන්න වූ

මහානුභාව සම්පන්න වූ - හැම බියෙන් නිදහස්වූ

 බුදුරජාණන් වහන්සේට - දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහු ය

ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ

ඒ බුදු රජාණන් වහන්සේට - අපගේ නමස්කාරය වේවා !!!

 

 

6. ලෝකාවබෝධ සුත්තං

ලෝකය ගැන ඇති අවබෝධය ගැන වදාළ දෙසුම

 

වුත්තං හේතං භගවතා, වුත්තමරහතාති මේ සුතං

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දෙසුම වදාරණ ලදී. අරහත් වූ සම්බුඳු රජානන් වහන්සේ විසින් වදාල මේ විදිහටයි අසන්න ලැබුණේ.

 

ලෝකෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකස්මා තථාගතෝ විසඤ්ඤුත්තෝ. ලෝකසමුදයෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකසමුදයෝ තථාගතස්ස පහීණෝ. ලෝකනිරෝධෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකනිරෝධෝ තථාගතස්ස සච්ඡිකතෝ. ලෝකනිරෝධගාමිනී පටිපදා භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධා. ලෝකනිරෝධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා

“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් මුළු ලෝකයම ඉතා හොඳින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකයත් සමඟ එක්ව නොවසයි. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හටගැනීම ගැන ඉතා හොඳින් අවබෝධ කර ගන්නා ලදී. ඒ ලෝකයේ හටගැනීම තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලදී. පින්වත් මහණෙනි, ලෝකයේ නිරුද්ධ වීම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලදී. ලෝකයේ නිරුද්ධ වීම තථාගතයන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලදී. පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධ ඇති ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කර ගන්නා ලදී. ලෝකය නිරුද්ධ වෙන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ඉතා හොදින් ප්‍රගුණ කළා.

 

යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතේන අභිසම්බුද්ධං, තස්මා තථාගතෝ’ති වුච්චති.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව යම් දෙයක් දැක ඇත්නම්, අසා ඇත්නම්, නාසයෙන් ආඝ්‍රාණය කර ඇත්නම්, දිවෙන් රස විද ඇත්නම්, කයෙන් යමක් පහස විද ඇත්නම්, සිතින් දැනගත්ත දේවල් ඇත්නම්, ලැබිච්ච දේවල් ඇත්නම්, සොයා ගිහිල්ලා දැනගත්තු දේවල් ඇත්නම්, සිතින් විමසලා සෙයා ගත්තු ඒ සියලුම දේවල් තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කර ගන්නා ලදී. ඒ නිසා තමයි ‘තථාගත’ කියලා කියන්නේ.

 

යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං ඒතස්මිං අන්තරේ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථේව හෝති. නෝ අඤ්ඤථා. තස්මා තථාගතෝ’ති වුච්චති.

පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උත්තරීතර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළාද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවාද, මේ අතර කාලය තුළදී තථාගතයන් වහන්සේ යමක් වදාරනවා නම්, ප්‍රකාශ කරනවා නම්, පෙන්වා දෙනවා නම්, ඒ ඔක්කොම ඒ අයුරින් තමයි වෙන්නේ. වෙනස් විදිහකට වෙන්නෙ නෑ. ඒ නිසා ‘තථාගත’ කියලා කියන්නේ.

 

යථාවාදී භික්ඛවේ තථාගතෝ තථාකාරී. යථාකාරී තථාගතෝ තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා තථාගතෝ’ති වුච්චති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යමක් කියනවා නම්, ඒ කියන විදිහටම තමයි කටයුතු කරන්නේ. තථාගතයන් වහන්සේ යම් විදිහකට නම් කටයුතු කරන්නේ, ඒ විදිහටම තමයි කියන්නේ. කියන දේට අනුවම කටයුතු කරනවා, කරන දේ තමයි කියන්නේ. ඒ නිසා ‘තථාගත’ කියලා කියනවා.

 

සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය තථාගතෝ අභිභූ අනභිභූතෝ. අඤ්ඤදත්ථුදසෝ වසවත්තී. තස්මා තථාගතෝ’ති වුච්චතීති.

පින්වත් මහණෙනි, දෙවියන් සිටින, මරුන් සිටින, බඹුන් සිටින, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින ලෝකයේ, දෙවි මිනිසුන් සිටින මේ සත්ව ප්‍රජාවේ තථාගතයන් වහන්සේ තමයි සියල්ලම මැඩ පවත්වන්නේ. සියල්ල අභිභවා ඉදිරියෙන් සිටින්නේ. ලෝකයේ කිසිවෙකුටවත් තථාගතයන් වහන්සේව ඉක්මවා කටයුතු කරන්න බෑ. ඒකාන්තයෙන් සියල්ල දැකලා සියල්ල තමන්වහන්සේගේ වශයෙන් පවත්වනවා. ඒ නිසාත් ‘තථාගත’ කියලා කියනවා

 

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් කියන්න පුළුවනි.

 

 “සබ්බලෝකං අභිඤ්ඤාය සබ්බලෝකේ යථාතථං,

සබ්බලෝකවිසංයුත්තෝ සබ්බලෝකේ අනූපයෝ

“සියලු ලෝකයම අවබෝධ කළා. සියලු ලෝකවල ඇති සියල්ල දැනගත්තා. ඒ නිසා සියලු ලෝකයන් එක්ක එකතු වීමක් නෑ. කිසි ලෝකයක් සමඟ ඇලීමක් නෑ.

 

සබ්බේ සබ්බාභිභූ ධීරෝ සබ්බගන්ථප්පමෝචනෝ,

ඵුට්ඨාස්ස පරමා සන්ති නිබ්බානං අකුතෝභයං

සියලු දේම මැඩ පැවැත්වූවා. මහා ප්‍රාඥයි. සියලු කෙලෙස් ගැටවලින්ම මිදිලයි වැඩ සිටියේ. කිසි ලෙසකින් භයක් නැති, පරම ශාන්තිය වූ ඒ අමා නිවන උන්වහන්සේ ස්පර්ශ කොට වදාළා.

 

ඒස ඛීණාසවෝ බුද්ධෝ අනීඝෝ ඡින්නසංසයෝ,

සබ්බකම්මක්ඛයං පත්තෝ විමුත්තෝ උපධිසංඛයේ

මේ බුදුරජාණන් වහන්සේ ක්ෂීණාශ්‍රව වූ මුනිඳාණෝය. දුක් නැති සැක නැති මුනිඳාණෝය. සියලු කර්ම ක්ෂය කොට සියලු කෙලෙස් ගෙවා දමා නිවනට පත් වූ මුනිඳාණෝය.

  

ඒස සෝ භගවා බුද්ධෝ ඒස සීහෝ අනුත්තරෝ,

සදේවකස්ස ලෝකස්ස බ්‍රහ්මචක්කං පවත්තයී

මේ භාග්‍යවතුන් වහන්සේ අපගේ බුදුරජාණෝය. ලොවේ අනුත්තර වූ සිංහ රජාණෝය. දෙව් මිනිස් ලෝකයෙහි උත්තම වූ ධර්ම චක්‍රය පවත්වන මුනිඳාණෝය.

 

ඉති දේවා මනුස්සා ච යේ බුද්ධං සරණං ගතා,

සංගම්ම තං නමස්සන්ති මහන්තං වීතසාරදං

ඉතින් මේ නිසා දෙවියොත්, මිනිස්සුත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. විශාරද නුවණැති මහානුභාව සම්පන්න වූ උන්වහන්සේ කරා පැමිණිලා නමස්කාර කරනවා.

 

දන්තෝ දමයතං සෙට්ඨෝ සන්තෝ සමයතං ඉසි, මුත්තෝ මෝචයතං අග්ගෝ තිණ්ණෝ තාරයතං වරෝ

අපගේ බුදුරජාණන් වහන්සේ දමනය වුන සේක. අන්‍යයන්ව දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ වන සේක. මහා ඉසිවර මුනිඳාණෝ ශාන්ත සිතින් යුතු වී අන්‍යයන්ව ශාන්ත කරවන සේක. දුකින් මිදුන මුනිඳාණෝ අන්‍යයන්ව දුකින් මිදවීමෙහි ශ්‍රේෂ්ඨ වන සේක. සසරින් එතෙරට වැඩි මුනිඳාණෝ අන්‍යයන්වද සසරෙන් එතෙර කරවීමෙහි උත්තම වන සේක.

 

ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං,

සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ’ති”

මෙසේ මහානුභාව සම්පන්න වූ විශාරද නුවණැති මුඹවහන්සේට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කරනවා. උන්වහන්සේ වැනි තව කෙනෙක් තුන් ලොවේම නැත.

 

අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා. ඉති මේ සුතන්ති.

මෙසේ වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුණි.

 

 

7. ජය මංගල ගාථා

 

බාහුං සහස්‌සමභිනිම්මිතසායුධං තං

ගිරිමේඛලං උදිත ඝෝර සසේනමාරං

දානාධිධම්මවිධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජය මංගලානී

 

මාරාතිරේක මභියුඡ්ිතසබ්බ රත්තිං

ඝෝරංපනා ලවකමක්‌ඛ මතද්ධ යක්‌ඛං

ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජය මංගලානී

 

නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං

දාවග්ගි චක්‌ක මසනීව සුදාරුණන්තං

මෙත්තංබුසේක විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජයමංගලානී

 

උක්‌ඛිත්ත බග්ග මතිහත්ත සුදාරුණන් තං

ධාවං තියෝ ජනපථං ගුලිමාලවන් තං

ඉද්ධීහි සංඛත මනෝ ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජයමංගලානී

 

කත්වාන කට්‌ඨමුදරං ඉව ගබ්භීනියා

චිඤචාය දුට්‌ඨවචනං ජනකාය මඡ්

සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජය මංගලානී

 

සච්චං විභාය මති සච්චක වාදකේතුං

වාදාභිරෝ පිත මනං අති අන්ධභූතං

පඤඤාපදීප ජලිතෝ ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජය මංගලානී

 

නන්දොපනන්ද භුජගං විබුධං මහිද්ධිං

පුත්තේන ථෙර භුජහේන දමාපයන්තෝ

ඉද්ධූපදේස විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජය මංගලානී

 

දුග්ගාහ දිට්‌ඨ භුජගේන සුදට්‌ඨ හත්ථං

බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං

ඤාණා ගඨේන විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු තේ ජය මංගලානී

 

ඒථාපි බුද්ධ ජයමංගල අට්‌ඨ ගාථා

යෝවාචකෝ දින දිනේ සරණේ මතංදි

හිත්වාන නේක විවිධාන චුපද්දවානී

මොක්‌ඛං සුඛං අධිගමෙය නරෝ සපඤ්ඤෝ

 

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ බුද්ධානුභාවේන සදාසොත්ථි භවන්තු තේ

 

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ ධම්මානුභාවේන සදාසොත්ථි භවන්තු තේ

 

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ සංඝානුභාවේන සදාසොත්ථි භවන්තු තේ

 

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං

අරහංතානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

 

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං

අරහංතානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

 

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං

අරහංතානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

 

පිරිත් පේ කිරීම අවසන්වේ !!!

 සාදු!  සාදු!!   සාදු!!!