සිල් සමාදන් වීම
සීලයේ ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය.
Ø පංච සීලය
Ø ආජීව අට්ඨමක සීලං
Ø අෂ්ඨාංග උපෝසථ සීලං
Ø නවාංග උපෝසථ සීලං
Ø දසාංග උපෝසථ සීලං
මෙම සීලයන් සමාදන් වීම පෙර තෙරුවන් සරණ යෑම සිදු කල යුතුය. තෙරුවන් සරණ යෑමෙන් බුදු සසුනට ඇතුලත් විය හැකිය. බෞද්ධයකු වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති පිළිපැදීමෙන්ය. ඒ සඳහා දෙවනුව සීලයන් පහකින් වැලකී සිටීමට පොරොන්දු වේ. එය පන්සිල් වේ. පන්සිල් සමාදන් වීම ප්‍රතිපක්තියක් වේ. තමාද ප්‍රතිපත්තියෙහි පිහිටා අන් අයද එම වැරදි වලින් මුදවා ගැනීමට ක්‍රියා කල යුතුය.
අට සිල් සමාදන් වීමේදී සිල් සමාදන් වන තැනැත්තා විසින් සිල් ඉල්ලීමට ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය. යනුවෙන් පැවසිය යුතුය.
ඉන් පසු සිල් දෙන භික්ෂුව විසින් “යමං වදාමි තං වදේථ” ය යි පවසයි.
පසුව සිල් සමාදන් වන තැනැත්තා විසින්: “ආම භන්තේ” යි කියා, නමස්කාරය ද කියනු ලබයි. ඉන්පසු භික්ෂූන් වහන්සේ විසින් කියවූ පසු තෙරුවන් සරණ යයි.
ඉන් පසු සිල් දෙන භික්ෂුව විසින් “තිසරණ ගමනං සම්පුණ්ණං” යි කී පසු සිල් සමාදන් වන තැනැත්තා විසින් “ආම භන්තේ” යි කියා උන් වහන්සේ පැවසූ පසු සිකපද අට කියනු ලැබේ.
සික පද කියවා අවසන් වූ පසු සිල් දෙන භික්ෂූන්වහන්සේ විසින් “තිසරණෙන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදේථ” යි කී පැවසූ පසු සිල් සමාදන් වන තැනැත්තා විසින්: “ආම භන්තේ” යි කියනු ලැබේ.
නවාංග උපෝසථ
සීලය සමාදන් වීමේදී අට සිල් සමාදන් වීමේදී මෙන් සිල් ඉල්ලීමට සිල් සිල් සමාදන් වන
තැතැත්තා විසින් ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං
යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං
භන්තේ. තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ
භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං
ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය. ලෙස පැවසිය
යුතුය. ඉන් පසු අට සිල් සමාදන් වූ ආකාරයටම නවාංග සීලය සමාදන් විය යුතුය.
අවසානයට සිල් දෙන භික්ෂූන්වහන්සේ විසින් “තිසරණෙන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදේථ” යි කියූ පසු සිල් සමාදන් වන තැනැත්තා විසින් “ආම භන්තේ” යි කියනු ලැබේ.
දස සිල් සමාදන් වීමේදී පෙර මෙන් සිල් ඉල්ලීමට සිල් සිල් සමාදන් වන තැතැත්තා විසින් ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං දසාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන දසාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං දසාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය ලෙස පැවසිය යුතුය. ඉන් පසු අට සිල් හා නවාංග සිල් සමාදන් වූ ආකාරයටම දසාංග සීලය සමාදන් විය යුතුය.
අවසානයට සිල් දෙන භික්ෂූන්වහන්සේ විසින් “තිසරණෙන සද්ධිං දසාංගුපෝසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදේථ” යි කියූ පසු සිල් සමාදන් වන තැනැත්තා විසින් “ආම භන්තේ” යි කියනු ලැබේ.
සිල් දීමට භික්ෂූන් වහන්සේ නමක් නොමැති විට තමා ම සිල් සමාදන් වීමේදී සිල් ඉල්ලීමේ වාක්‍යය නො කියා නමස්කාරය හා තිසරණ සරණ ගොස් සිකපද අට ද කියා සිල් සමාදන් වීමට හැකිය.
සිල් සමාදන් කරවීමේදී “අජ්ජ ඉමං ච දිවසං ඉමං ච රත්තිං අට්ඨංග සමන්නාගතං උපෝසථං උපවසාමි” යන වැකිය ද සමහර භික්ෂූන් වහන්සේලා විසින් කියනු ලැබේ. එසේ කියවුවහොත් එයද කියවන්න.
උපෝසථ සීලයක් සමාදන් වීමෙන් පැය 24ක කාලයක් සිටීමෙන් පූර්ණ උපෝසථයක් සම්පූර්ණ වේ. පැය 24ක කාලයක් සිටීමට නොහැකි උපාසක උපාසිකාවන් අවම වශයෙන් පැය 12ක් උපෝසථ සීලය රැකිය යුතුය. එසේ පැය 12ක් උපෝසථය රැකීමෙන් එය අර්ධ උපෝසථ සීලයක් වේ. පැය 12කට වඩා අඩු සීලයක් පිළිබඳව ත්‍රිපිටකයෙහි සඳහන් නොවේ.
උපෝසථ සීලයක් සමාදම් වීමට කල යුතු දේ.
- හිරු උදා වීමට හෝ ආසන්න වේලාවකදී සිල් සමාදන් විය යුතුය.
- සම්පූර්ණ දවසක් එනම් පැය 24ක් සීලයෙහි සිටීමට.
- සිල් සමාදන් වූ වේලාවේ සිට සිල් පවාරනය කරන මොහොත දක්වා සිහියෙන් සිටීමට.
- තමන්ගේ කෙලෙස් යටපත් කරගෙන සිල් සමාදන් වන්නේ නිවන අවබෝධ කර ගැනීමට බව සිතෙහි තබා ගැනීම.
- ධර්මය පිළිබඳව හා ධර්ම කරුණු පිළිබඳව පමණක් කථා කිරීමට.
- දහවල් ආහාරයෙන් පසු මුව පිරිසිදු කරගත් පසු කිසිම ආහාරයක් නොගැනීමට.
- නිදා ගැනීම අවම කර ගැනීමට ධර්මය ශ්‍රවනයට.

0 Comments